- වටිනාකම් සහතික
- ආදායම් සහතික
ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුරවැසි ප්රඥප්තිය
News & Events
Multicultural Program
A multicultural program organized by the Central Province Department of...
Guideline to get passport via online
පෝලිම් වල රස්තියාදු නොවී පාස්පෝට් එක ගෙදරටම ගෙන්වා ගන්න.. https://eservices.immigration.gov.lk/onlinetd/OnlineTD/'#/home...
A tree planting program and community awareness program on invasive plants was held to coincide with the 74th Independence Day
A tree planting program and community awareness program on invasive...
A grace period for the people of Naula to buy essential food items.
A grace period for the people of Naula to buy...
රාජ්‍ය සේවා ස්ථාන
Service Cluster
ඉඩම් පරිපාලනය
- ඉඩම් සංවර්ධන ආඥාපනත, ඉඩම් ප්‍රදාන විශේෂ විධිවිධාන පනත හා රජයේ ඉඩම් ආඥා පනත යටතේ රජයේ හිස් ඉඩම් ගම් පුළුල් කිරිම සදහා බෙදාදීම.
- රජයේ ඉඩම් ආඥාපනත යටතේ බෙදාදී ඇති ඉඩම්වල පසු කටයුතු.
මුල් ලේඛන පැවරීම
අවශ්‍ය ලේඛන
- ප්‍රාදේශීය ලේකම් වෙත කරන ලද ඉල්ලීමේ ලිපිය
- දීමනා පත්‍රයේ හා පිඹුරේ මුල් පිටපත් හා කොපි
- පත්ඉරු සටහන්
- ඉඩමේ පදිංචිකරුවන් පිළිබද ග්‍රාම නිලධාරි වාර්තාව
- දීමනාපත්‍රකරුගේ උරුමකරුවන් පිළිබද ග්‍රාම නිලධාරි වාර්තාව - වයස් අනුපිළිවෙලට උපන්දිනය සහිතව
- සියළුම උරුමකරුවන් මෙම මුල් උරුමය පැවරිමට එකඟව ලබා දෙන දිවුරුම් ප්‍රකාශය - රු 25/- ක මුද්දරයක් මත අත්සන් කර සාමවිනිසුරු ඉදිරියේ
- දීමනාපත්‍රකරුගේ හා කලත්‍රයාගේ මරණ සහතික
- යම් උරුමකරුවෙකු මිය ගොස් ඇත්නම් මරණ සහතික මුල් පිටපත් හා කොපි.
පසු උරුමය පැවරීම
අවශ්‍ය ලේඛන
- ප්‍රාදේශිය ලේකම් වෙත කරන ලද ඉල්ලීමේ ලිපිය
- දීමනා පත්‍රයේ සහ පිඹුරේ කොපි හා මුල් පිටපත්
- ඉඩමට අදාල පත්ඉරු සටහන්
- ඉඩමේ පදිංච්කරුවන් පිළිබඳ ග්‍රාමනිලධාරී වාර්තාව
- පසු උරුමකරුවන් එක් අයෙකුට වැඩිය නම් කරන්නේ නම් බලයලත් මිනින්දෝරුවරයකු විසින් අදින ලද පිඹුර හා කොපියක්
- පසු උරුමකරුවන්ගේ උප්පැන්න සහතික හා පිටපත්
- මෙම පසු උරුමය නම්කිරීම තම කැමැත්තෙන් සිදු කරන බවට ලබාදෙන දිව්රුම් ප්‍රකාශය(සාම විනිසුරු ඉදිරියේ රු.25ක මුද්දරයක් මත අත්සන් කර)
- දීමනාපත්‍රකරුගේ වාචික ප්‍රකාශය
- අදාල ආකෘතිය සම්පූර්ණ කර පළමු පිටුවේ සාක්ෂිකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ලෙස ග්‍රාම නිලධාරී අත්සන් කළ යුතුය
සියළුම උරුමකරුවන් දැනුම් දෙන දිනයේදි ප්‍රාදේශීය ලේකම් ඉදිරියේදි වාචික ප්‍රකාශ ලබා දිය යුතු බැවින් දැනුම් දෙන දිනයේදි ජාතික හැදුනුම්පත ද රැගෙන පැමිණිය යුතුය.
දීමනාපත්‍ර කොන්දේසි ලිහිල් කිරීම
අවශ්‍ය ලේඛන
- දීමනාපත්‍රකරුගේ ඉල්ලීමේ ලිපිය
- ඇමුණුම 1 ආකෘතිය මගින් පළාත් ඉඩම් කොමසාරිස්ගේ අනුමැතිය ලද පසු ඇමුණුම 2 ආකෘතියට දිමනාපත්රකරු අත්සන් කිරීම සාක්ෂීකරුවන් දෙදෙනෙකුගේ අත්සන් ගැනීම.
- මුල් ඔප්පුව රජයට භාර දීම.
- පියවර ගණනාවක් යටතේ නව දීමනා පත්‍රය සකස් කළ පසු රන්බිම සේවා ගාස්තු ලෙස රු.100/- ක් අයකර නව දීමනාපත්‍රය භාර දීම.
රජයේ ඉඩමක අයිතිය පැවරීම
ස්වර්ණභූමි, ජයභූමී, රන්බිම දීමනාපත්රලාභී ඉඩම් හිමියෙකුට එම ඉඩමේ අයිතිය වෙනත් අයෙකුට පැවරීමේදී ඒ සඳහා පහත සඳහන් සුදුසුකම් තිබිය යුතුය.
- පැවරුම්ලාභීයා දීමනාපත්‍රකරුගේ ලේ ඥාතියෙකු වීමේ හෝ පැවරුම්ලාභියා ඉඩම් නොමැති අඩු ආදායම්ලාභියෙකු විය යුතුය
- ඉඩමෙන් කොටසක් පමණක් පවරණූ ලබන්නේ නම් එම ඉඩම් සඳහා වූ දීමනාපත්‍රය අතුරු බෙදීම් වලට අවසර ඇති දීමනාපත්‍රයක් විය යුතුයි.(එසේ අතුරු බෙදීම්වලට අවසර නොමැති දීමනාපත්‍රයක් නම්,අතුරු බෙදුම් සඳහා අවසර ඇති දීමනාපත්‍රයක් බවට කොන්දේසි වෙනස් කර ගත යුතුය.එසේ වීමට නම් ඉඩමේ ප්‍රමාණය පර්චස් 15ක් හෝ ඊට වැඩි විය යුතුය.)
අවශ්‍ය ලේඛන
- ඉඩම් අයිතිකරුගේ ඉල්ලීම් ලිපිය.ලිපිය අයිතිකරු විසින් අත්සන් තබා(හෝ එම ස්ථානයේ ඇගිලි සළකුණු තබා) තිබිය යුතුයි.
- පවරනු ලබන ඉඩමේ මුල් පිටපතක් සහ ඡායා පිටපතක්
- සතියක් වැනි කාලයකදී ලබා ගත් පත් ඉරු ( අවසාන පත් ඉරුව දක්වා තිබිය යුතුයි).
- පැවරුම්ලාභීයා ලේ ඥාතියකු නම් පැවරුම්කරුට ඇති ලේ ඥාතීත්වය තහවරු කරන ලියවිලි.(උප්පැන්න,විවහ හා මරණ සහතික වලින් තහවරු ලබා ගත හැකිය)
- පැවරුම්ලාභියාගේ ආදායම පිළිබඳ ග්‍රාම නිලධාරී වාර්තාව.
- පැවරුම්ලාභියා සතුව ඇති වෙනත් ඉඩම් පිළිබඳ ග්‍රාම නිලධාරී වාර්තාව.
- ඉඩමේ පැවරීම සම්බන්ධයෙන් එම උරුමකම් කියන අය විසින් (ස්වාමිපුරුෂයා,බිරිඳ හා දරුවන්) කරනු ලබන දිවුරුම් ප්‍රකාශයන්.
- ඉඩම් පැවරීම නිසා පැවරුම්ලාභියා අසරණ, අනාථභාවයට පත් නොවන හා ඔහුට වෙනත් ඉඩම් ඇති බවට දිවුරුම් ප්‍රකාශයක් හා ඔහු නමින් ඇති වෙනත් ඉඩම්වල සහතික ඔප්පු පිටපත්.
- පවරනු ලබන්නේ ඉඩමෙන් කොටසක් නම් බෙදා වෙන් කළ ඉඩම් කොටසට අදාල මිනින්දෝරු සැලැස්ම ඉදිරිපත් කළ යුතුය.
- වෙනත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක ග්‍රාම නිලධාරීවරයකු මඟින් ලේකම් විසින් එම වාර්තා සහතික කර තිබිය යුතුය.
සියලුම සහතික වල මුල් පිටපත් ඉදිරිපත් කිරීම අවශ්‍යයි.
රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලට අත්පත්කරගන්නා පෞද්ගලික ඉඩම්වල හිමිකරුවන් සඳහා
- 01. අදාල වන්දි මුදල් ප්රදානය කිරිම
අවශ්‍ය ලේඛන
- වන්දි අයදුම්පත්‍රය (වන්දි ඉල්ලීමේ ලිපිය)
- අදාල අත්පත් කරගත් ඉඩමේ ඔප්පුව
- අත්පත් කරගත් ඉඩමට අදාල පිඹුර
- අවුරුදු 10 කට වඩා පළපුරුද්දක් ඇති නීතිඥයෙකුගෙන් ලබා ගත් ඉඩමට අදාල හිමිකම් වාර්තාව
- ඉඩමට අදාලව ආසන්න සති 2 තුළ ලබාගත් පත්ඉරු
- අනන්‍යතාවය තහවුරු කිරිම සදහා ජාතික හැදුනුම්පත
නව විශ්‍රාමිකයන් සඳහා
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් ලබා දී ඇති තොරතුරු හා ගොනුවේ ඇතුලත් තොරතුරු සමඟ සසඳා තහවුරු කර ගැනීමට පහත සඳහන් කර ඇති ලිපිවල සහතික කළ පිටපත් රැගෙන කාර්යාලයේ විශ්‍රාම වැටුප් අංශය වෙත පැමිණෙන්න.
- පදිංචිය තහවුරු කිරීමේ ලිපිය
- ජාතික හැඳුනුම්පතේ පිටපත
- බැංකු ගිණුම් පොතේ පිටපතක් (හවුල් ගිණුමක් නොවිය යුතුය)
වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ඉල්ලුම් කිරීම
- කරන ලද වැන්දඹු අනත්දරු අයදුම්පත (PD 04)
- දායකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්‍රාම වැටුප ඉල්ලුම් කරන අයගේ විවාහ සහතිකයේ මුල් පිටපත.
- දෙවැනි විවාහයක් සිදු කරගෙන තිබේනම්, මුල් විවාහය අවලංගු කළ බවට ඉදිරිපත් කරන දික්කසාද සහතිකය.
- වැන්දඹුවගේ/ වැන්දඹු පුරුෂයාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත.
- අවුරුදු 26ට අඩු දරුවන් සිටීනම්, ඔවුන්ගේ උප්පැන්න සහතික වල මුල් පිටපත්.
- වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් කාඩ්පතෙහි ඡායාපිටපතක් සහ වැන්දඹු අනත්දරු අංකය
- වැන්දඹුවගේ/ වැන්දඹු පුරුෂයාගේ පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 02ක්.
- වැන්දඹුවගේ/ වැන්දඹු පුරුෂයාගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුමපත සහ විවාහ සහතිකය යනාදියේ සඳහන් නම්වල කිසියම් හෝ වෙනසක් තිබේනම්, ඊට අදාලව ඉදිරිපත් කරන දිවුරුම් ප්‍රකාශය
විශ්‍රාමික දුම්රිය බලපත්‍ර සඳහා ඉල්ලුම් කිරීම
- PD 07 ආකෘතිය සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාම වැටුප් අංශයෙන් ලියාපදිංචි වන්න.
- ඔබ PD 07 ආකෘතිය සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී සිටින විශ්‍රාමිකයෙකු නම්,
- (ප්‍රධාන දුම්රිය ස්ථානයට ගොස් ඔබගේ විශ්‍රාමික හැඳුනුම්පත ඉදිරිපත් කර දුම්රිය බලපත්‍රය ලබා ගත හැක.)
වටිනාකම් සහතික ලබාගැනීම
-
-
වටිනාකම් සහතිකය ලබා ලබාගන්නේ ඉඩමක් සඳහා නම්...
-
ඉල්ලීම් ලිපිය
-
ඉඩමේ ඔප්පුව
-
පත් ඉරුව
-
ජාතික හැඳුනුම්පත
-
පදිංචි සහතිකය
-
ග්‍රාම නිලධාරී වාර්තාව
-
-
-
වටිනාකම් සහතිකය ලබා ගන්නේ වාහනයක් සඳහා නම්
-
වාහනයේ පොත (අයිතිකරුගේ නමින් තිබිය යුතුය)
-
රක්ෂණ සහතිකය
-
වටිනාකම් සහතිකය ඉල්ලුම් කරන වර්ෂයේ ආදායම් බලපත්‍රය
-
ආදායම් සහතික ලබාගැනීම
අවශ්‍ය සුදුසුකම්
- පිළිගත හැකි ආදායම් උපයන මාර්ගයක් තිබීම.
අවශ්‍ය ලිපි ලේඛන
- ඉල්ලූම්පත්රය
- ග්‍රාම නිලධාරී විසින් සම්පූර්ණ කරන ලද වාර්තාව
- ආදායම් හා වත්කම් වල අයිතිය තහවුරු කරන ලියවිලි මුල් පිටපත් හා ඡායා පිටපත්
- ආදායම ලෙස ඉදිරිපත් කරන්නේ පවුලේ ගෘහ මූලික අයෙකුගේ ආදායම නම් අදාළ කාරණයට තම ආදායම යෙදවීමට විරුද්ධත්වයක් නොමැති බවට ග්‍රාම නිලධාරි සහතික කළ ලිපියක්
- අදාළ ගාස්තුව
ඔබගේ ආදායම....
1) ගොවිතැනින් නම්...
2) වෙළඳාමෙන් නම්...
3) ගොවිපලකින් නම්...
4) ප්‍රවාහන සේවා...
5) වෙනත් සුළු පරිමාණ ව්‍යාපාර...
රා බලපත්‍ර නිකුත් කිරීම
- සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමත ලිපිය
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය
අදාල බලපත්‍රලාභියා ගෙන් ඉහත අනුමත ලිපි ලද පසුව අදාල බලපත්‍ර ගාස්තු අයකර ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය අනුව වර්ෂයට අදාල බලපත්‍රය නිකුත් කරනු ලැබේ.
- පුද්ගල ඉල්ලීම
- ඉඩමේ ඔප්පුව
- පදිංචි සහතිකය
- ජාතික හැඳුනුම්පතේ පිටපත
- ගස් මදින්නේ වෙනත් අයෙකු නම් එම අයගේ ජාතික හැඳුනුම්පත සහ තොරතුරු
(ඉහත සඳහන් සියළු ලියකියවිලි මාතලේ සුරාබදු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. )
- සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අනුමැතිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එවනු ලැබේ.
- ඒ සම්බන්ධව වසමේ ග්‍රාම නිලධාරී වාර්තාව ලබා ගන්නා අතර එම වාර්තාව පදනම් කරගෙන අදාළ ගාස්තු අයකර වසරක් සඳහා බලපත්‍රය නිකුත් කරනු ලැබේ.
ප්‍රධාන මෙනුව
අප හා සම්බන්ධවන්න
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
කොළඹ,
ශ්‍රී ලංකාව.
+94 332 222 235
info[at]colombo.ds.gov.lk






















