නව විශ්රාමිකයන් සඳහා
විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් ලබා දී ඇති තොරතුරු හා ගොනුවේ ඇතුලත් තොරතුරු සමඟ සසඳා තහවුරු කර ගැනීමට පහත සඳහන් කර ඇති ලිපිවල සහතික කළ පිටපත් රැගෙන කාර්යාලයේ විශ්රාම වැටුප් අංශය වෙත පැමිණෙන්න.
- පදිංචිය තහවුරු කිරීමේ ලිපිය
- ජාතික හැඳුනුම්පතේ පිටපත
- බැංකු ගිණුම් පොතේ පිටපතක් (හවුල් ගිණුමක් නොවිය යුතුය)
වැන්දඹු අනත්දරු විශ්රාම වැටුප් ඉල්ලුම් කිරීම
- කරන ලද වැන්දඹු අනත්දරු අයදුම්පත (PD 04)
- දායකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹු/ වැන්දඹු පුරුෂ විශ්රාම වැටුප ඉල්ලුම් කරන අයගේ විවාහ සහතිකයේ මුල් පිටපත.
- දෙවැනි විවාහයක් සිදු කරගෙන තිබේනම්, මුල් විවාහය අවලංගු කළ බවට ඉදිරිපත් කරන දික්කසාද සහතිකය.
- වැන්දඹුවගේ/ වැන්දඹු පුරුෂයාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත.
- අවුරුදු 26ට අඩු දරුවන් සිටීනම්, ඔවුන්ගේ උප්පැන්න සහතික වල මුල් පිටපත්.
- වැන්දඹු අනත්දරු විශ්රාම වැටුප් කාඩ්පතෙහි ඡායාපිටපතක් සහ වැන්දඹු අනත්දරු අංකය
- වැන්දඹුවගේ/ වැන්දඹු පුරුෂයාගේ පාස්පෝට් ප්රමාණයේ වර්ණ ඡායාරූප 02ක්.
- වැන්දඹුවගේ/ වැන්දඹු පුරුෂයාගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුමපත සහ විවාහ සහතිකය යනාදියේ සඳහන් නම්වල කිසියම් හෝ වෙනසක් තිබේනම්, ඊට අදාලව ඉදිරිපත් කරන දිවුරුම් ප්රකාශය
විශ්රාමික දුම්රිය බලපත්ර සඳහා ඉල්ලුම් කිරීම
- PD 07 ආකෘතිය සම්පූර්ණ කර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්රාම වැටුප් අංශයෙන් ලියාපදිංචි වන්න.
- ඔබ PD 07 ආකෘතිය සම්පූර්ණ කර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී සිටින විශ්රාමිකයෙකු නම්,
- (ප්රධාන දුම්රිය ස්ථානයට ගොස් ඔබගේ විශ්රාමික හැඳුනුම්පත ඉදිරිපත් කර දුම්රිය බලපත්රය ලබා ගත හැක.)
















