සැපයුම්කරුවෙකු ලෙස ලියාපදිංචි වන්නේ කෙසේද?
- සෑම අවුරුද්දකම ජනවාරි මාසයේ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සිදුකරයි.
- මේ සඳහා අදාළ දැන්වීම ජනවාරි මාසයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කරයි.
- මේ සඳහා රුපියල් 500ක මුදලක් ගිණුම් අංශයට ගෙවා රිසිට්පතක් ලබාගත යුතුය.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අදාළ නිලධාරියා මඟින් අදාළ අයදුම්පත්‍රය ලබාගත යුතුය.
- අයදුම්පත්‍රය සම්පූර්ණ කර පහත ලියකියවිලි සමඟ ඉදිරිපත් කළ යුතුය.
- ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ පිටපතක්.
- කොන්ත්‍රාත්කරුගේ වාර්තා පොතේ පිටපතක්.
- රිසිට්පත















