සමාජ සංවර්ධන අංශයේ සේවා
- ව්‍යාපාර නාම ලියාපදිංචිය
- දහම් පාසල් ලියාපදිංචිය
- ස්වෙච්ඡා සංවිධාන ලියාපදිංචිය
- විහාරස්ථ දායක සභා ලියාපදිංචිය
- ආපදා සහනාධාර ලබා දීම
- ආබාධිත පුද්ගලයන් සඳහා උපකරණ ලබා දීම
- ස්වයං රැකියා ආධාර ලබා දීම
- වැඩිහිටි දීමනාව ලබා දීම
- ආබාධිත දීමනාව ලබාදීම
- වැඩිහිටි හැඳුනුම්පත් ලබා දීම
- මහජනාධාර ලබාදීම
- රෝගාධාර ලබා දීම
- වකුගඩු රෝගීන් වෙනුවෙන් ජීවනාධාර ලබාදීම
- ගර්භනී මව්වරුන් සඳහා පෝෂණ වවුචර නිකුත් කිරීම වකුගඩු දීමනා ලබාදීම
ව්‍යාපාර නාම ලියාපදිංචිය
ව්‍යාපාර නාම ලියාපදිංචිය අවශ්‍ය ලියකියවිලි
- ව්‍යාපාර ලියාපදිංචි කිරීම සදහා අයදුම්පත
- ඉල්ලීම් ලිපිය
- වෙළද බලපත්‍රයේ අනු පිටපතක්
- ප්‍රාදේශීය සභාවට මුදල් ගෙවු රිසිට්පතේ අනු පිටපතක්
- ව්‍යාපාර ස්ථානයට අදාල ඔප්පුවේ සහ සැලැස්මේ අනු පිටපතක්
- ඉඩමේ පත් ඉරුව(මාස 06ක් ඇතුලත ගත්)
- බදුකරයක් මත ලබාගත් ඉඩමක් නම් එහි අනු පිටපතක්
- ඉඩම තමා සතු නොවේ නම් අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශ ලිපිය හා සාමදාන විනිශ්චයකාර සහතිකය
- ආපන ශාලා /හෝටල්/ආහාර ද්‍රව්‍ය/ෆාමසි සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකගේ වාර්තාව
- සංචාරක හෝටලයක් නම් ලංකා සංචාරක බල මණ්ඩලයේ අනුමැතිය
- දැව ව්‍යාපාර සඳහා වන සංරක්ෂණ අනුමැතිය
- කෘමි නාශක සඳහා කෘෂි කර්ම සහතිකය
- ව්‍යාපාරයක් කර ගෙන යාමේදී සුදුසුකම් තහවුරු කිරීමේ සහිකය ඉදිරිපත් කළ යුතුය.
- (පරිගණක මධ්‍යස්ථාන,වෛද්‍ය මධ්‍යස්ථාන,ආයුර්වේද මධ්‍යස්ථාන,අධ්‍යාපන ආයතන ආදී
- නාම පුවරුවේ ඡායා රූපයක්.
පරිසර නිලධාරී වාර්තාව අවශ්‍යතාවය පරිදි
දහම් පාසල් ලියාපදිංචිය
දහම් පාසල් ලියාපදිංචිය සදහා අවශ්‍ය ලියකියවිලි
- අදාල විහාරස්ථානය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබිය යුතු අතර එහි පිටපතක්
- දහම් පාසල ආරම්භ කර නොකඩවා මාස හයක් පවත්වාගෙන යා යුතුය
- දහම් පාසල් ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රය
- ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේගේ නිර්දේශය
- බෞද්ධ කටයුතු සමායෝජක ගෙ නිර්දේශය
- ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය
- බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ගේ අනුමැතියෙන් පසු ලියාපදිංචි සහතිකය නිකුත් කෙරේ
ස්වෙච්ඡා සංවිධාන ලියාපදිංචිය
ස්වෙච්ඡා සංවිධාන ලියාපදිංචිය සදහා අවශ්‍ය ලියකියවිලි
- ඉල්ලීම් ලිපිය.
- සම්පූර්ණ කරන ලද අයදුම්පත
- ආයතනයේ ව්‍යවස්ථාව.
- පළමු රැස්වීම් වාර්තාවේ පිටපත සහ අත්සන් ලේඛනය.
- අවසන් වරට පවත්වන ලද මහා සභා රැස්වීමේ වාර්තව හා පැමිණීමේ අත්සන් ලේඛන.
- ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති පිළිබඳ වැඩ වාර්තා
- බැංකු ගිණුම් පිටපත
- නිලධාරි මණ්ඩල තොරතුරු (නම, තනතුර, ලිපිනය, ජා.හැ.අං.)
- සාමාජික නාම ලේඛනය (නම, ලිපිනය, ජා.හැ.අං.)
- සහතික කරන ලද විගණන වාර්තාව
විහාරස්ථ දායක සභා ලියාපදිංචිය
විහාරස්ථ දායක සභා ලියාපදිංචිය සදහා අවශ්‍ය ලියකියවිලි
- සම්පූර්ණ කරන ලද අයඳුම්පත.
විහාරස්ථාන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ බවට වූ සහතිකයේ පිටපතක්
(එම සහතිකයේ සඳහන් විහාරාධිපති ස්වාමීන් වහන්සේ නොව වෙනත් ස්වාමීන් වහන්සේ නමක් දැනට විහාරාධිපති ධූරය දරන්නේ නම් ඒ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් පිළිගත් බව දැනුම් දුන් ලිපියේ පිටපතක් )
දායක සභාපති තෝරාගැනීම ව්‍යවස්ථානුකූල වියයුතුය - අදාළ බැංකු ගිණුම පිළිබඳ විස්තර
- ප්‍රාදේශීය ලේකම්ගේ අත්සන හා නිල මුද්‍රාව
- නිලධාරි මණ්ඩලය 10 දෙනෙකුගෙන් සමන්විත විය යුතුයි
- ගරු ලේකම්/ගරු සභාපති හා නිලධාරින්ගේ අත්සන්
දායක සභාවේ සභාපති අනිවාර්යයෙන්ම විහාරාධිපති ස්වාමින්වහන්සේ වියයුතුයි. එසේ නොවන අවස්ථා වලදී වෙනත් සිවාමීන් වහන්සේ නමක් පත් කරන්නේ නම් එවිට විහාරාධිපති හිමි විසින් ලබා දෙන බලය පැවරූ ලිපිය ඉදිරිපත් කළ යුතුය. එම ලිපිය ප්‍රාදේශීය ලේකම් සහතික කළ යුතුයි.
{sliderආබාධිත පුද්ගලයන් සඳහා උපකරණ ලබා දීම}
ආබාධිත පුද්ගලයන් සඳහා උපකරණ ලබා දීම සදහා අවශ්‍ය ලියකියවිලි
- ඉල්ලීම් ලිපිය
- සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
- ආබාධිත බව සනාථ කරන වෛද්‍ය වාර්තාව















