1 උප්පැන්න,මරණ හෝ විවාහ සහතික පිටපත් ලබාගැනීම
- ලියාපදිංචි කළ දිනය හෝ ඇතුළත් කළ අංකය ලබා දී ඇති විට සහතිකයේ එක් පිටපතක් සඳහා ගාස්තුව රු. 100.00
- ලියාපදිංචි කළ දිනය හෝ ඇතුළත් කළ අංකය ලබා නොදුන විට සහතිකයේ එක් පිටපතක් සඳහා රු. 200.00 කි
- අවශ්‍ය ගාස්තු ගිණුම් අංශයට ගෙවිය යුතුය
- නිසි පරිදි පුරවන ලද අයදුම්පත රෙජිස්ට්‍රාර් අංශයට ඉදිරිපත් කළ යුතුය
2 විවාහ ලියාපදිංචි කිරීම
- විවාහ දැන්වීම හුවමාරු කරගැනීම.("විවාහ දැන්වීම " රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබා ගත හැකිය
- විවාහය ලියාපදිංචි කිරීමට පෙර විවාහ දැන්වීම ඉදිරිපත් කිිිිිරීම (ආසන්න වශයෙන් දින 14 යි).
- පදිංචිය තහවුරු කිරීම සඳහා ග්‍රාම නිලධාරි සහතිකය ඉදිරිපත් කරන්න.
- වයස සනාථ කිරීම සඳහා පහත ලේඛන ඉදිරිපත් කරන්න.
- ජාතික හැඳුනුම්පත
- උප්පැන්න සහතිකය
- විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු
- විවාහ දැන්වීම ඉදිරිපත් කිරිීම සදහා - රු: 100
- විවාහ සහතිකය නිකුත් කිරිීම සදහා - රු: 100
- විවාහය ලියාපදිංචි කිරීම සඳහා - රු: 750
* * හදිසි විවාහ ලියාපදිංචි කිරීම
- විශේෂ අවසර පත්‍රයක් මත එදිනම විවාහය ලියාපදිංචි කළ හැකිය.
- ඒ සදහා ඉහත ගාස්තු හා අමතර ගෙවීම් වලින් රු: 200 ක් ගෙවිය යුතුය.
3 උප්පැන්න සහතිකවල දෝෂ නිවැරදි කිරීම
- උප්පැන්න සහතිකයක නම සංශෝධනය කිරීම.
- මවගේ විස්තර සංශෝධනය කිරීම.
- පියාගේ විස්තර සංශෝධනය කිරීම.
I. උප්පැන්න සහතිකයක නම සංශෝධනය කිරීම.
- 27 වන වගන්තිය යටතේ සම්පූර්ණ කර ඇති ප්රකාශනය
- අදාළ උපතේ පළමු පිටපත.
- දිවුරුම් ප්‍රකාශයක්.
- ඉල්ලීම් ලිපිය
- ග්‍රාම නිලධාරි සහතිකය.
- භාවිතා කිරීමට අපේක්ෂිත නම සඳහා ලිඛිත සාක්ෂීය.
උදා:
- මැතිවරණ ලේඛනයේ උපුටා ගැනීමක්
- බැංකු ගිණුම් පොත
- පුවත්පත් දැන්වීම.
- දෙමව්පියන්ගේ විවාහ සහතිකය.
- දරුවන්ගේ උප්පැන්න සහතික.
- ඔප්පු වල පිටපත.
- පිළිගත හැකි වෙනත් සාක්ෂියක්
III පියාගේ විස්තර සංශෝධනය කිරීම.
- 27(අ) වන වගන්තිය යටතේ ප්රකාශනය සම්පූර්ණ කර ඇත.
- අදාළ උප්පැන්න සහතිකයේ පළමු පිටපත.
- දිවුරුම් ප්‍රකාශයක්.
- ග්‍රාම නිලධාරි සහතිකය.
- ඉල්ලීම් ලිපිය
- දෙමව්පියන්ගේ විවාහ සහතිකය.
- පියාගේ උප්පැන්න සහතිකය.
- සහෝදර සහෝදරියන්ගේ නම් ලැයිස්තුවක්.
- සහෝදර සහෝදරියන්ගේ උප්පැන්න සහතික.
- ජාතික හැඳුනුම්පත.
- වෙනත් සාක්ෂියක්















